විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අද(19දා) දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී විශේෂ ප්‍රකාශ සිදුකිරීමට නියමිතය.
දැනට ආන්දෝලනයට ලක්ව ඇති ගල්අඟුරු ගනුදෙනුව ඇතුළුව මේ දක්වා විදුලි බල අමාත්‍යාංශය සිදුකර ඇති ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කිරීමට සියඹලාපිටිය මහතා සැලසුම් කර තිබෙන අතර, ඉකුත්දා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ කාරණා කිහිපයක් ගැන සඳහන් කරමින් සිය ප්‍රකාශය සිදුකිරීමට නාමල් රාජපක්ෂ මහතා සැලසුම්කර තිබේ.
රුපියල් මිලියන 1803ක පාඩුවක් වී ඇතැයි පැවසෙන ගල්අඟුරු ගනුදෙනුව සිදුකළ ආකාරය, එයට සම්බන්ධ වූ පාර්ශවයන් සඳහන් කරමින් ඇමතිවරයා සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් වේ.
මෙම ගල්අඟුරු ගනුදෙනුව පිළිබඳව මේ වනවිට නැගෙන චෝදනා සම්බන්ධව සහ මෙම ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවරයන් සම්බන්ධව මෙහිදී ඇමතිවරයා සවිස්තර පිළිතුරක් ලබාදෙනු ඇතැයිද විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.
තමා අත්අඩංගුවට ගැනීමට හේතු වූ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ කාරණා සහ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සමාජයේ විවිධ කොටස් දැක්වූ අදහස් පිළිබදව අදහස් දැක්වීමට නාමල් රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.
විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් මේ සම්බන්ධව පළ කළ අදහස්වලට එම මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දෙනු ඇතැයි ඔහුගේ පාර්ශවයෙන් සඳහන් කළේය.