හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් තීරනයකට එළඹ නැතිබවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනාවලට අපේක්ෂකයන් අත්සන් තබා තිබුණද අවසන් මොහොතේ ඒවා වෙනස්විය හැකි බවත් නාමයෝජනා සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය අනුමැතිය මෙතෙක් ලබාදී නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය