මෙවර මහ මැතිවරණයට නාමයෝජනා භාරගැනීම අනිද්දා මධ්‍යහන 12.00 අවසන් වනබව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අනිද්දා(13) දින පෙ.ව 8.30 සිට මධ්‍යහන 12.00 දක්වා පමණක් සිදුකරන බැවින් අවසන් මොහොතේ ඇතිවියහැකි තදබදය වැලැක්වීම පිණිස එදිනට නාමයෝජනා භාරදෙන සියලුම දේනා අවසන් මොහොතවන තෙක්බලා නොසිට කල්වේලා ඇතිව නාමයෝජනා භාරදීමට තේරීම්භාරනිළධාරී කාර්යාලවලට පැමිණෙන ලෙසද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියේය.
සැබැලෙස තරඟ නොකරමින් වෙනත් පක්ෂයකට සහය වීම සඳහා නාමයෝජනා භාරදීමේන් කිසිදු ප්‍රතිඵලයක් අත්නොවන නිසා එලෙස නාමයෝජනා භාරදීමෙන් වළකින ලෙස ඉල්ලා හෙතෙම ඉල්ලා සිටින්නේ මහ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි