මාර්තු 12 ප්‍රකාශයට අත්සන් කළ දේශපාලන පක්ෂ නායකයන් එම පොරොන්දු කඩකර නාමයෝජනා ලැයිස්තුවලට නුසුදුසු පුද්ගලයන් ඇතුළත් කර තිබීම පිළිබඳව ආගමික නායකයන්ගේ විරෝධය පළ වී ඇතැයි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ ප්‍රකාශ කළහ.
මාර්තු 12 ව්‍යාපාරයට දායකත්වය සපයන භික්ෂූන් වහන්සේ නමක් හැටියට දේශපාලන පක්ෂ නායකයන් ගෙන ඇති තීරණ පිළිබඳව සෑහීමකට පත් නොවන බවත්, එම ප්‍රකාශයට අත්සන් කළ පක්ෂ නායකයන්ටඅපේක්ෂකයන් තේරීමේදී මීට වඩා සැලකිලිමත් වන්නට තිබුණු බවත් කී උන්වහන්සේ එයට ප්‍රතිචාර දැක්වීමට ජනතාවට අවස්ථාවක් තිබෙන බවද සඳහන් කළහ.
කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී විමලරතන හිමියෝ මේ බව කීහ.