පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා දැන්වීම මේ මස (27 දා) නිකුත් කිරීමට මැතිවරණ කොමිසමපසුගිය සිකුරාදා (17දා) තීරණය කළේය.ඒ අනුව අදාළ යෝජනා දැන්වීම නිකුත් කිරීමට තේරීම් බාර නිලධාරීන්ට උපාදෙස් ලබා දී ඇත.
මේ අතර තේරීම් බාර නිලධාරීන් පිළිබඳ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට ද කොමිසම තීරණය කර ඇත. පළාත් පාලන මැතිවරණ පනතට අනුව නාමයෝජනා දැන්වීම සිදුකරනු ලබන 27 වැනි දින සිට 14කට පසු නාමයෝජනා කැඳවීම ආරම්භ කරනු ලබන බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මැතිවරණ කොමිසම මගින් ඡන්දය සහා නාමයෝජනා කැඳවීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවත් අභියාචනා අධිකරණයේ ගොනුකර ඇති පෙත්සමක් නිසා මැතිවරණය ළඟදීම පැවැත්වීම අවිනිශ්චිතව ඇත. පළාත් පාලන ආයතනවල සභික සංඛාව සඳහන් කර නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසට ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, ලබන 22 වැනිදා එය විභාගයට ගැනීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමට නියමිතය.
ඉරිදා ලංකාදීප