පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා නළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ නිසා වාහන සේදීමට හා ගෙවතු වගා කටයුතුවලට නළ ජලය භාවිත නොකර විකල්ප ක්‍රමභාවිතා කරන ලෙසත්, සෑම විටම නළ ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටියි.