කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබා ඊයේ (20දා) විසිර ගිය පොලිස් කොස්තාපල්වරුන් 593ක් අතරින් 150 දෙනෙකු ජනාධිපති ආරක්ෂක අංශයට පත්වීම් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ විසිර ගිය සම්පූර්ණ ආධුනික පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 1012 ක්වූ අතර, ඊට ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 66 ක්ද, අධුනික උප පොලිස් පරීක්ෂකවරියන් 38 ක්ද, ආධුනික පොලිස් කොස්තාපල්වරියන් 315 ක්ද අයත් වූහ.
කළුතර පොලිස් විදුහල් ඉතිහාසයේ වැඩිම නිලධාරීන් පිරිසක් එකවර විසිර ගිය අවස්ථාව මෙය වෙයි.
කළුතර - සුනිල් එස්. තන්ත්රිආරච්චි