විදේශ විනිමය පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 78කින් ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී සම්ම්ත විය.
ඒ අනුව පනතට පක්ෂව ඡන්ද 96 ක් සහ විපක්ෂව ඡන්ද 18 ක් ලැබී තිබිණි.
එමෙන්ම මෙම ඡන්ද විමසීම සහා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය භාවිත කිරීමේ තාක්ෂණය යොදාගැනීමද විශේෂත්වයකි.
මේ අතර හම්බන්තොට වරාය චීනයේ චයින් මර්චන්ට් සමාගමට බදුදීමට අදාළ ගිවිසුම හෙට දිනයේදී සභාගත කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.