වැටුප් දීමනා මූලික වැටුපට එකතු කිරීමත් සමඟ රාජ්‍ය සේවය සඳහා නව වැටුප් ව්‍යුහයක් සකස් කළ යුතු බවත් එසේ නොවුණහොත් වැටුප් විෂමතා ඇති වී යළි ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවත් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා පැවසීය.
රාජ්‍ය සේවකයින් සඳහා අතුරු අයවැයෙන් ලබාදුන් රුපියල් දස දහසක දීමනාව අදියර තුනක් යටතේ මූලික වැටුපට එකතු කරන බව පසුගියදා රජය ප්‍රකාශ කළේය.