නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවත් ජනතාව බලය දුන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පමණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (12දා) සෙවණගල මහගම සුභද්‍රාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
“එදා රට තුළ තිබිච්ච නිදහස අද ටිකෙන් ටික නැතිවෙමින් යනවා. උතුරට යන්න තිබුණු බය නැතිකරලා තිබුණා. උතුරට යන්න අද නැවතත් මිනිස්සුන් තුළ යම් බයක් චකිතයක් ඇතිවෙලා තියෙනවා. අපි නැති කරලා තිබුණු දේවලුයි නැවත හිස ඔසවමින් එන්නේ” යැයිද ඔහු පැවසීය.
සූරියවැව නුවන් ජයසේකර
සූරියවැව නුවන් ජයසේකර