වත්මන් ආණ්ඩුව මූලික වී සාදන ව්‍යවස්ථාව ජනතාව පිළිගන්නා එකක් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. එසේ නොමැතිව එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව නව ව්‍යවස්ථාව සාර්ථකව සකස්කරගැනීමට ජනතා සහාය ලබාදීම සිවිල් සංවිධානවලකාර්යයක් බවද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණ සමරුවට එක්වෙමින් අගමැතිවරයා මේබව කීවේය.