කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චින්තක එස්.ලොකුහෙට්ටි මහතා පසුගියදා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ලොකුහෙට්ටි මහතා කෙළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා ගෞරව උපාධිධාරියෙකි. බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබ ප්‍රතිපත්ති සැලසුම් හා ක්රමෝපායන් පිළිබඳ එම්.බී.ඒ. උපාධිය ලබාගත් හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේම ක්‍රමෝපායික සැලසුම් හා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියකු ද වෙයි. 1984 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කළ හෙතෙම පසුව කථිකාචාර්යවරයකු බවටද පත්විය.
1990 දී රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ලොකුහෙට්ටි මහතා හබරාදූව, බද්දේගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1995 වර්ෂයේ දී බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.