රජයේ නව මුද්‍රණාලාධිපති ලෙස ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පත් කර ඇත. මෙම පත්වීම ඊයේ(15) සිට ක්‍රියාත්මක වන බව රජය දැනුම්දේ. ගංගානි කල්පනා ලියනගේ මහත්මිය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වසර 30ක පමණ කාලයක් සේවය කර ඇති අතර ඇය නව තනතුරට පත්වීමට පෙර අතිරේක මුද්‍රණාලාධිපතිවරිය ලෙස කටයුතු කර තිබේ