මැතිවරණ ක්රමය සංශෝධනය කර නව මැතිවරණ ක්රමයක් ස්ථාපිත කිරීමට අදාළව සියලු පක්ෂවලින් ලබාගත් අදහස් අනුව සකස් කළ මැතිවරණ ක්රමයට අදාළ සංශෝධන ඇතුළත් කෙටුම්පත කැබිනට් පත්රිකාව අද (13දා) පැවැත්වෙන කබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ විද්වතුන් විසින් සකස් කරන ලද නව මැතිවරණ ක්රමය පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඉරිදා සුළු පක්ෂ 29 ක් සමග සහ පෙරේදා (11දා) සියලුම පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිණි.
මෙම සාකච්ඡාවලට අමතරව ඕනෑම පක්ෂයකට අද (13දා) දහවල් 12.00 දක්වා මේ පිළිබඳ සංශෝධන ඉදිරිපත් කළ හැකි අතර, එවැනි සංශෝධන තිබේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදෙන ලෙසද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියි.
මෙලෙස සකස් කරන කැබිනට් පත්රිකා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කිරීමටද නියමිතය.