ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත්කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හෙට (04දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලැබීමට නියමිතය.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ (02දා) දිනයේදී නම් කරනු ලැබූ අතර, පසුව ජනාධිපතිවරයා හා කුමාරස්වාමි මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ දිනයේදීම ජනපති නිල නිවසේදී පැවැත්විණි.