නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පත්කර තිබේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අණාවරණය විය. එසේම පොලිස් කොට්ඨාස 42 සඳහා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින් 42 දෙදෙනෙකුද පත්කර තිබේ. උදෑසන 6ට, 11ට හා සවස 5ට ලෙස මින් ඉදිරියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් පොලිස් ප්රවෘත්ති නිවේදන නිකුත් කිරීමට නියමිතය.