ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වය සඳහා සහාය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාරලිමේන්තු මන්ත්‍රී නාමල් රජජපක්ෂ මහතා කියයි.
ඊයේ (16දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එම පක්ෂයේ නායකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්විය.
මින් අනතුරුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව පවසයි.
එසේම පක්ෂයේ මෙන්ම එහි සාමාජිකයන්ගේ ආරක්ෂාව සැලසිය යුතු බවද මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.