දෙමළ ජනතාවගේ ගැටලු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව මාර්ගයෙන් විසඳාගැනීමට කැමති ද්‍රවිඩ දේශපාලන පක්ෂ එකමුතුවේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (18දා) පැවැත්වීමට නියමිතය.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂය, ආනන්ද සාගරී මහතාගේ නායකත්වයෙන් යුත් ටී.යූ.එල්.එෆ්. සංවිධානය, වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ්. (පද්භනාභා) කණ්ඩායම හා ශ්‍රීකාන්ත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී- ටෙලෝ කණ්ඩායම දැනටමත් මෙම නව සන්ධානය බිහිකිරීමට පොදු එකඟතාව පළකර තිබේ.
නව දෙමළ සන්ධානයට අදාළ මූලික එකඟතා යෝජනාවලිය ඇතුළත් ලියවිල්ල ඊ.පී.ඩී.පී. සංවිධානයේ තවරාජා මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සකස්කර හෙට (18දා) දිනයේදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත බවද වාර්තා වේ.