කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා අර්ධ සිඝ්රගාමී දුම්රියක් සති අන්තයේදී ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සතියේ සිකුරාදා දිනවල පස්වරු 02.20ට ගමන් ආරම්භ කර රාත්රී 07.13ට මාතලේ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය.
කොළඹ සිට මහනුවර දක්වා ප්රධාන දුම්රිය ස්ථානවල එම දුම්රිය නවත්වන අතර මහනුවර සිට කටුගස්තොට, උඩතලවින්න, වත්තේගම, උකුවෙල යන දුම්රිය ස්ථානවල නවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 06.40ට මාතලේ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර පෙරවරු 11.15ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණීමට නියමිතය.
එමෙන්ම සතී අන්තයේ කොළඹ සිට දිනවල ප.ව 1.30 ට මාතර දක්නා දුම්රියක් ධාවනය කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත.