ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව ආ නව තානාපතිවරු සිව් දෙනෙකු අද (05 දා ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. දකුණු සුඩානය, කසකස්ථානය, සර්බියාව යන ජනරජයන් සහ කුවේට් රාජ්‍යය වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව තිබේ.