නව ඩෙංගු මදුරු විශේෂයක් - අගමැති
නව ඩෙංගු මදුරු විශේෂයක් බෝවී ඇති බවත්, මීට පෙර ඩෙංගු මදුරුවන් නොසිටි ස්ථානවලද මෙවර ඩෙංගු මදුරුවන් බෝවී ඇති බවත් තමන්ට වාර්ත වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේදී අද (23දා) පැවැති රජයේ වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ දියමන්ති සංවත්සරය හා ඇගයීම් උලෙළට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
මීතොටමුල්ල කුණු කන්ද නායයෑම ඩෙංගු ගැටලුවට විසඳුම් සෙවීමට විශාල ගැටලුවක් වූ බවත්, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට කසළ බැහැර කිරීම සඳහා මීතොටමුල්ල යොදා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන හෙයින් ගැටලු දෙකක් පැන නැගී ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“පළමුවැන්න ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීමයි. දෙවැනි කාරනය කසළ කළමනාකාරීත්වයේ ගැටලු ඇතිවීමත් සමග මේ ප්‍රදේශය පුරා විවිධ ස්ථානවල කැළි කසළ ගොඩගැසීමයි. ඩෙංගු මර්දනයට නම් කසළ ඉවත් කළ යුතුයි. එම නිසා කසළ කළමනාකාරීත්වය මූලික ගැටලුව ලෙස සලකා ඊට විසඳුම් සෙවීමට අප කටයුතු කළා. මෙම ඩෙංගු උවදුර ව්‍යාප්ත වූයේ පැවැති රජයන් මෙම මූලික ගැටලුවට විසඳුම් සෙවීමට උත්සාහ නොකළ නිසායි.
මෙම ප්‍රශ්නයට දිගු කාලීන විසඳුමක් ලබාගැනීම සඳහා අප දැන් පුත්තලමේ ඉඩමක් සොයාගෙන තිබෙනවා. එම කසළ කළමනාකරණ අංගනය මගින් වසර ගණනාවක් යනතුරු කුණු ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. කසළ කළමනාකරණය කොට එම ඉඩම පුරවා නැවත භාරදීමට හැකියාව තිබෙනවා.
කසළ බැහැර කිරීම සඳහා දිගුකාලීන විසඳුමක් තිබුණත් කෙටිකාලීන විසඳුම් සොයාගත යුතුව තිබෙනවා. කරදියාන, දොම්පේ ස්ථානවලටත් කසළ දැනට ගෙන යාමට හැකියි.
අලුත් ඩෙංගු වාහක මදුරුවා මැලේරියා මදුරුවා වගේ නොවෙයි. වතුර ස්වල්පයක් රැඳී ඇති ස්ථානයක පවා ඩෙංගු මදුරුවාට බෝවීමේ හැකියාව තිබෙනවා. අපේ වගකීම වන්නේ ඩෙංගු රෝගය පාලනය කොට ක්‍රමානුකූලව මර්දනය කිරීමයි. හැමදාම ජනතාවට ඩෙංගු රෝගයෙන් පීඩා විඳින්නට ඉඩදෙන්න හැකියාවක් නැහැ” යනුවෙන් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

