නව ටෙන්ඩර් ක්‍රමය ගැන චන්ද්‍රිකා කියන කතාව
නව ආණ්ඩුව යටතේ ආරම්භ කරන ව්‍යාපෘතිවලට ටෙන්ඩර් ලබාදීමේදී දූෂණ, වංචා සිදු නොවන ආකාරයේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (16දා) ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තුවට පමණක් සීමා නොකර පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලටද එම වැඩපිළිවෙළ හඳුන්වා දී දූෂණ, වංචා අවම කරගැනීම අවශ්‍ය යැයි හිටපු ජනාධිපතිවරිය කියා සිටියාය.
ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සහ සියලු මහජන නියෝජිතයන්ගේ සහාය ලැබිය යුතු බවද ඇය කීවාය.
කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළකළේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාතනතුරෙහි වැඩ භාරගැනීම වෙනුවෙන් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති උත්සවයට එක්වෙමිනි.
“අපේ නව රජය ටෙන්ඩර් පිළිබඳව නව වැඩපිළිවෙළක් ආරම්භ කරමින් පවතිනවා. ඒක හරියාකාරව ක්‍රියාත්මක කරන්න පළාත් සභාවටත් ගේනවා. විශේෂයෙන්ම නගර සභාවල,ප්‍රාදේශීය සභාවල පවතින අතිශය දූෂණය නැවැත්විය යුතුයි. ඒවා සඳහා ක්‍රම සහ විධි අප විසින්සෑදිය යුතුයි. මම මහ ඇමති කාලෙ ඒවා හැදුවා. ඒවා අද පේන්නවත් නෑ, කෑලිවත් නෑ. ඒවා නැවත ගොඩනැගිය යුතුයි.
පළාත් සභාවේත් සියලු පක්ෂවලින් සමන්විත විවිධාකාරයේ පොදු කමිටු හදාගෙන, තීන්දු තීරණ ගැනීමේදී සියලු පාර්ශ්වවලින් අදහස් ලබාගැනීමටත්, ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය කිරීමටත් කටයුතු කළයුතුයි. ඒවාට බලතල දීමත් අවශ්‍යයි. සමහරවිට මේවාට ඇමතිවරු කැමති නොවෙන්න පුළුවන්, ඇඟිලි ගහන්න පුළුවන්.
ජනතාවට සේවය කරන එක එහෙම නතර කරන්න බෑ. සිවිල් සමාජය දැන් ඉතාමත් ශක්තිමත් වෙලා. අප සමග ඔවුන් කටයුතු කරනවා. ඒ නිසා සියලු දෙනාගේ අලුත් අදහස් ලබාගත යුතුයි. මේවාට මගේ සහාය අවශ්‍ය නම් ලබාදෙන්න පුළුවන්. මම ඇඟිලි ගහන්න එන්නෙ නෑ. අපටත් යම් අත්දැකීමක්, දැනුමක් තියෙනවා අධ්‍යාපන ක්ෂේත්රය ගැන. බස්නාහිර පළාතේ කඩාවැටිල තියෙන අධ්‍යාපනය ගොඩගත්තොත් ආයේ වෙන මොනවත් කරන්න ඕන නෑ" යනුවෙන්ද ඇය පවසා සිටියාය.









අමිත් මධුරංග / අමිල සංකල්ප/ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

