නව ගුවන්හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පත්ව තිබේ. හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්රම මහතා විශ්රාම ගැනීමත් සමග නව ගුවන් හමුදාපති ලෙස කෝලිත ගුණතිලක මහතා පත්විය.
කෝලිත ගුණතිලක මහතා හෙට දිනයේදී සිය නිලයේ රාජකාරි ආරම්භකිරීමට නියමිතය. හිටපු ගුවන් හමුදාපති නව ගුවන් හමුදාපතිට නිල වශයෙන් රාජකාරි භාරදීම අද සිදුවිය.