මෙම වසරේ ජුනි මාසය තුළ නව ආයෝජන ගිවිසුම් 46ට අත්සන් තබා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
මාසයක් තුළ අත්සන් තබන ලද වැඩිම නව ආයෝජන ගිවිසුම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වන අතර එම ගිවිසුම්වල ඇස්තමේන්තුගත මුළු ආයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 982ක් බව සඳහන්ය.
මේ තුළින් ඇස්තමේන්තු කර ඇති සෘජු රැකියා සංඛ්‍යාව 8000ක් පමණ වන බවත් නිෂ්පාදන, ඉදිකිරීම්, මිශ්‍ර සංවර්ධන, හෝටල්, කුඩා ජල විදුලි බලාගාර, සූර්ය බලශක්ති, ඇඳුම් පැලඳුම් පර්යේෂණ හා අධ්‍යාපනික වැනි ව්‍යාපෘති මෙම නව ආයෝජන ව්‍යාපෘති අතර වන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.
.