නව අවුරුදු උදාව එළැඹෙන 31 වැනිදා මධ්‍යම රාත්රියේදී බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අංඩගුවට පත්ව තිබේ.
ඉරිදා හා සඳුදා දිනයන් හි බ්‍රසල්ස්, ෆ්ලෙමිෂ්, බ්රාබන්ට් සහ ලෙයිජ් යන නගර ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බෙල්ජියම් ආරක්ෂක අංශ කියයි.
එහිදී, හමුදා ඇඳුමට සමාන ඇඳුම් හා ප්‍රහාර සැලසුම් කිරීමට යොදාගත් පරිගණක මෙහිදී අත්අඩංගුවට ගෙන තිබුණත්, ගිනි අවි කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
පසුගිය නොවැම්බර් 13 වැනිදා ප්‍රංශයේ පැරිස් නගරයට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බෙල්ජියම සිය ත්‍රස්ත අවදානම උපරිම කර තිබේ.
විශේෂයෙන්ම, යුරෝපය පුරා ත්රස්වාදය වපුරන අන්තවාදීන්ගේ මූලස්ථානයක් ලෙස බෙල්ජියම හඳුනාගැනීම මෙසේ අවදානම් තත්ත්වයට උපරිමයට ගැනීමට හේතු වී ඇත.