අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විජිත් කුමාර මලල්ගොඩ මහතා අද (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.