ලක්ෂ 40 ක් පමණ වටිනා පරිභෝජනයට නුසුදුසු නරක් වූ පලතුරු කිලෝග්රෑම් 25,000 ක් පමණ සොයාගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් සමත්වී තිබේ.
කොළඹ ගුණසිංහපුර ප්රදේශයේදී කළ වැටලීමකදී මෙම පලතුරු තොගය සොයාගෙන තිබුණි. මේවා බීම නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවලට යැවීමට තිබූ බවද එම නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.