නත්තල් දින දේවමෙහෙය පැවැත්වීමට පෙර ෆ්රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සරණාගත කඳවුරුවල සිටින ක්රිස්තියානි ප්රජාව දුරකථනය ඔස්සේ ආමන්ත්රණය කර තිබේ.
ඉස්ලාමීය අන්තවාදීන් විසින් තම ගම්බිම්වලින් පළවා හැර සිටින මේ ජනතාව තවදුරටත් තම හදවතේ රැඳී සිටින බව එහිදී පාප් වහන්සේ පවසා ඇත.
ශාන්ත බැසිලිකාවේ නත්තල් දින දේවමෙහෙය අවස්ථාවේදී පාප් වහන්සේ පවසා ඇත්තේ තම ඥාතීන් හා හිතමිතුරන් වෙත සහකම්පනය දක්වන ලෙසයි.
එමෙන්ම, නත්තල් දිනයේදී පාප් වහවන්සේ විසින් "Urbi et Orbi" නත්තල් දින කතාව සිදුකිරීමට නියමිතය.