හෙට පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් සඳහා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර වික්ටෝරියා ජලාශය වෙත ජලය මුදා හරින බව වාර්තා වේ. එබැවින් එම කාලය තුළ පොල්ගොල්ල වේල්ලේ සිට වික්ටෝරියා ජලාශය දක්වා කොටසේ මහවැලි ගඟට බැසීම ඉතා අනතුරුදායක බවත් පොල්ගොල්ල ජලාශය එම කාලයේදී පරිහරණයෙන් වැළකී සිටින ලෙසත් මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.