කොළඹ සිට ධාවනය වන නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රිය මැදිරි දැඩි ලෙස අපවිත්‍ර වී ඇතැයිද, විශේෂයෙන් ශීඝ්‍රගාමී දුම්රියවල නිදන මැදිරිවල පවා ගමන් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද දුම්රිය මගීහු චෝදනා කරයි.
අප මේ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය දහනායක මහතාගෙන් විමසා සිටි අතර, ඔහු පවසා සිටියේ සියලු දුම්රිය මැදිරි දිනපතා පවිත්‍ර කරන බවත්, කිසිවෙකු හෝ එවැනි චෝදනාවක් එල්ල කරන්නේ නම් ඒ පිළිබඳවද සොයා බලා නිසි පරිදි අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු හා පවිත්‍රතා කටයුතු සිදුකිරීමට කටයුතු යොදන බවත්ය.
කෙසේ වෙතත් කොළඹ සිට ධාවනය වන සියලු දුම්රිය තුළ පවතින පවිත්‍රතාව අවම තත්ත්වයන් යටතේ සිදුවන බව දැකගත හැකි අතර, විශේෂයෙන් දුම්රියේ වැසිකිළි තුළින් දැඩි දුර්ගන්ධයක් පැතිර යන බවද නිරීක්ෂණය කරගත හැකිය.
මේ පිළිබඳව දුම්රිය බලධාරීන්ගේ දෙනෙත් යොමු කිරීමට කටයුතු කළද ඉන් ගැටලුවට විසඳුමක් ලැබී නැතැයි මගීහු චෝදනා කරති. එමෙන්ම මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානය යොමු කරන්නැයිද දුම්රිය මගීහු ඉල්ලා සිටිති.