ෙවවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය දෙදෙනෙකු ඊයේ (24දා) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බව මාමඩුව පොලීසිය කියයි.
වවුනියාව කෝවිල්කුලම් ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි අයියා සහ 17 හැවිරිදි නැගණිය මාමඩුව වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී වැවේ ගැඹුරු සහිත ස්ථානයකට බැස්ස නැගණිය එකවරම දිය යට ගිලී මඩේ එරී ඇත.
ඇය බේරා ගැනීමට සහෝදරයාද එම ස්ථානයට පැන්නද සහෝදරයාටද නැවත ගොඩට ඒමට නොහැකිව වන අයුරින් ඔහුද මඩේ එරීමෙන් දියේ ගිලී මිය ගොස් ඇති බවට දැනට ඇති තොරතුරු වලින් අනාවරණය වන බව මාමඩුව පොලීසිය පවසයි.