මුහුදේදී සිදු වන අනතුරු හේතුවෙන් ජිවීතක්ෂයට පත්වන ධීවරයන් සඳහා රුපියල් දසලක්ෂයක(1,000,000)ක නව රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ධීවර අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා ඇමැති මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත්කර තිබේ.
මේ රක්ෂණ ක්‍රමය ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, මේ යෝජනා ක්‍රමය සංකේතාත්මකව ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ පහක්(500,000) ක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මඟින් ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ගෙවීමට යෝජනා කර ඇත.
ධීවර ක්ෂ්‍රේත්‍රයට අදාළව ක්‍රියාත්මක වන විවිධ රක්ෂණ ක්රමයන් හඳුන්වා දී ඇතත්, මුහුදේදී හදිසි අනතුරු වලට ලක් වන ධීවර ජනතාව උදෙසා වඩාත් ඵලදායී රක්ෂණ ක්‍රමයක් නොවන බැවින් මුහුදේ දී අපදාවට ලක් වන ධීවර ජනතාව හා ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි ලෙස අසරණ තත්ත්වයකට පත්වන බැවින් මෙවැනි රක්ෂණ ක්රමයක අවශ්‍යතාවයය මතුවී ඇති බව ධීවර අමාත්‍යංශය කියයි.
මේ තත්ත්වය යම්තාක් දුරට වළක්වා ගැනීම සඳහා විශේෂයෙන් යැපෙන්නන්ගේ සුබසාධනය සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.