ධීවර සාකච්ඡා සතියකින් කල්යයි
ශ්රී ලංකා ධීවර නියෝජිතයන් හා ඉන්දීය ධීවර නියෝජිතයන් අතර එළඹෙන 20 වැනිදා තමිල්නාඩුවේදී පැවැත්වීමට නියමිතව තිබූ ධීවර සාකච්ඡා 27 වැනිදා දක්වා සතියකින් කල් දැමීමට තමිල්නාඩු ප්රාන්ත රජය කටයුතු කොට තිබේ.
ශ්රී ලංකා රජයේ ඉල්ලීම මත මෙම කල් දැමීම සිදු කරන බව තම්ල්නාඩු රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සාකච්ඡා සඳහා ශ්රී ලංකාවෙන් සහභාගිවන්නේ කවුරුන්දැයි යන්න තවමත් නිශ්චත වශයෙන් ශ්රී ලංකා ආණ්ඩුවට තෝරා ගැනීමට අපොසත් වී ඇති හෙයින් සතියක කාලයකින් මෙසේ සාකච්ඡා කල් දැමීමට සිදුව ඇති බව අයි.ඒ.එන්.එස්. පුවත් සේවය වාර්තා කරන ලදී. නමුත් හින්දු පුවත් සේවය සඳහන් කළේ දෙරටේම එකඟත්වය මත මෙම කල්දැමීම සිදුකර ඇති බවයි.
දෙරටේ ධිවර හුවමාරුව යටතේ ඉන්දීය ධීවරයින් 173 දෙනෙකු හා ශ්රී ලංකා ධීවරයින් 113 දෙනෙකු නිදහස ලබා ඇත. තවත් ඉන්දීය ධීවරයෝ 52 දෙනෙකු ශ්රී ලංකා අත්අඩංගුවේත්, ශ්රී ලංකා ධීවරයෝ 66 දෙනෙකු ඉන්දිය අත්අඩංගුවේත් පසුවෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

