ධීවර බොට්ටු වර්ග පහක් විදුලි ජනක යන්ත්‍ර රැගෙන යෑම සම්පූර්ණයේ තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම බෝට්ටු මසුන් ඇල්ලීමට යෑමේදී යොදා ගන්නා විදුලි ජනක යන්ත්‍ර භාවිතය මගින් ඇතැම් පන්න ක්‍රම සඳහා බලපෑමක් එල්ල වී තිබීම හේතුවෙන් අද (16දා) මෙම තිරණය ගෙන තිබේ.
ඒ අනුව යානත්රික නොවන පාරම්පරික බෝට්ටු, යාන්ත්‍රික පාරම්පරික බෝට්ටු, මාදැල් බෝට්ටු (යාන්ත්‍රික නොවන), පිටත සවිකරන ලස එන්ජින් සහිත ෆයිබර් බෝට්ටු, ඇතුළත එන්ජින් සවි කරන ලද එක් දින බෝට්ටු වල විදුලි ජනක යන්ත්‍ර රැගෙන යෑම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.