ධීවර පනතට මාර්තු මාසය අවසන් වීඹට ප්රථමකැබිනට් අනුමැතිය ලබා ගැනීඹට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා නිළධාරීන්ට දන්වා තිබේ. ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික ධීවර පනත සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව ඇත.
මේ සම්බන්ධව ධීවර සහ ජලජ සම්පත් හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිළධාරීන්ගෙන් විමසීමක්ද කර තිබේ.
නෝරවේ රජයේ පූර්ණ සහයෝගය යටතේ සකස් කර ඇති මෙම පනත මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත ඉදිරිපත් කර ඇි අතර ඔවුන්ගේ යෝජනාද මේ වන විට ලැබී තිබේ.
බොහෝ ජාතික පනත් රජය වෙනස් වන විට වෙනස් වුවද ධීවර පනතට එසේ නොවන්නට එය සියළු දෙනාගේ අදහස් සහ යෝජන මත සකස් කළ යුතු බව අමාත්‍යවරයා පවසා ඇත.