ඉන්දු-ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා මානුෂීය පිවිසුමක් අවශ්‍ය බව ඉන්දීය විදෙස් ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.
ඉන්දියාවේ තාන්ති රූපවාහිනිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මීට ඉහතදී පැවැසුවේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට බලෙන් ඇතුලු වන ඉන්දීය ධිවරයින්ට වෙඩි තැබීම ගැටලුවක් නොවන බවයි.
එහෙත් ඉන්දීය විදෙස් ඇමතිනිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවේදී ඉන්දීය විදෙස ඇමතිනිය සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව මානුෂීය විසඳීමට පියවර ගත යුතු බවයි.