ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ධීවර ගැටලුව පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අවධානය යොමු වී ඇති බව ඉන්දීය මධ්‍යම රජයේ මන්ත්‍රීවරයෙක් වන පොන් රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
තමිල්නාඩු ධීවර නියෝජිතයන් පිරිසක් හා මන්ත්‍රීවරයා අතර ඊයේ (10දා) පවත්වා තිබෙන සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව තමින්නාඩු ධීවරයන්ට දැනුම්දී තිබේ.
එසේම මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ලබාගැනීමට අදාළව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ අදාළ අංශ සමග සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද මන්ත්‍රීවරයා ධීවර නියෝජිතයන්ට පවසා තිබේ.
මේ වනවිට ඉන්දීය ධීවරයන් 93 ක් හා ධීවර යාත්‍රා 60 ක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ තිබේ.
ද හින්දු ඇසරෙනි