වංචා කළ අයට දඬුවමත් නෑ
ඉන්ධන සහනාධාරය ලබාදීමේදී මූල්‍ය වංචා සිදු වී තිබෙන නිසා එම ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් ඉන්ධන සහනාධාර ලබාදීම නවතා දැමුවද, අද වනතෙක් වංචා සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමක් හෝ නැවත සහනාධාරය ලබාදීමක් සිදුකර නොමැති බව සමස්ත ලංකා ධීවර ජනතා සම්මේලනය සඳහන් කරයි.ධීවර ඉන්ධන සහනාධාරය ලබාදීමේදී මූල්‍ය වංචා කටයුතු සිදුකර තිබෙන්නේ ධීවරයන් නොව ආණ්ඩුවේ නිලධාරීන් බවට මේ වනවිට හෙළි වී තිබෙන බවත්, එහෙත් එහි දඬුවම් ලැබී තිබෙන්නේ අහිංසක ධීවරයන්ට බවත් එම සංගමයේ සභාපති අරුණ කුමාර මහතා සඳහන් කළේය.