අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
(UPDATE) හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ලබාදුන් දෝෂාභියෝග තීන්දුව දෝෂ සහිත බවට මීට පෙර අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මීට සුළු මොහොතකට පෙර යෝජනා කරන ලදී.
අභියාචනාධිකරණ තීන්දුව නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) අදාළ නියෝගය නිකුත් කළේය.
----------------------------------------------------------------------------------------------------------
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරිණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනාව විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නිසි බලයක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනයේ තීන්දුව අද (21දා) ප්‍රකාශයට පත් කෙරේ.
නීතිපතිවරයා ගොනු කළ එම අභියාචනය සලීම් මර්ෂුප්, චන්ද්‍රා ඒකනායක, සත්‍යා හෙට්ටිගේ, ඊවා වනසුන්දර හා රෝහිණී මාරසිංහ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරඅ මඬුල්ල හමුවේ විභාග කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

