මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස ඉල්ලා සමස්ත ලංකාවේම රෝහල් තුළ හෙට (04දා) උදෑසන 8.00 සිට පැය 04ක වැඩ වර්ජනයක් දියත් කරන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සඳහන් කරති.
මෙම කාලය තුළදී සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් හා සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් සමස්ත ලංකා හෙද සංගමය සහ සමස්ත ලංකා සුවසේවා සංගමයට අයත් නිලධාරීන් සේවයෙන් ඉවත්වන බවද එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.