පාරම්පරික වෛද්‍ය ක්‍රම යළි ප්‍රචලිත කරමින් දේශීය ඖෂධ හා ඔසු ශාඛ ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. එතුළින් අභාවයට ගොස් ඇති පාරම්පරික වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද යළි භාවිතයට නැඹුරු වනවා සේම මෙරට අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ද මෙම ශිල්ප භාවිත කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වාදුනි.
අද (18) කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ සිදු කළ විශේෂඥයින් පිරිසක් සමඟ පැවති හමුවක දී අමාත්‍යවරයා මේබව අවධාරණය කළේය.