ලංකාවේ දේශපාලනඥයෝ දේශපාලනය පිළිබඳව අඩුවෙන් කතාකර අනිකුත් සියලු දේ ඕනෑවටත් වඩා කතා කරන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩීව් ගුණසේකර මහතා පැවසීය.
අතීතයේ දේශපාලනඥයන් ලෝක දේශපාලනය පිළිබඳවද කතා කළ බැවින් ගමේ ජනයාට වුවද දේශපාලනය පිළිබඳ පුළුල් දැනුමක් තිබූ බවත් අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙන බවද හෙතෙම පැවසීය. හෙට 16 දා පැවැත්වෙන ආසියා- අප්‍රිකා මහජන සහයෝගිතා සංගමයේ 09 වැනි සමුළුව පිළිබඳ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.