දේශපාලන බලපුළුවන්කාරකම් කිරීමට තම දේශපාලනයේ කිසිදු ඉඩක් නැතැයි තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. ආණ්ඩු බලය තිබුණද නොතිබුණද තමන් හැමවිටම පෙනී සිටින්නේ නිවැරදි දේ වෙනුවෙන් බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. “ආණ්ඩු බලය තිබුණත් නැතත් මම කවදාවත් වැරදි දේට අනුබල දීලා නෑ. මම හැමදාම පෙනී සිටියේ හරි දේ වෙනුවෙන්. මම සාධාරණය වෙනුවෙන් තමයි හැමදාම කතා කළේ. දේශපාලන බල පුළුවන්කාරකම් කිරීමට මගේ දේශපාලනයේ කිසිම ඉඩක් නෑ. මම කවදාවත් පොලීසියට බලපෑම් කරලා නෑ. පසුගියදා කොටකෙතන පැවැති උද්ඝෝෂණය පාලනය කරගන්න පුළුවන් වුණේ මම හිටිය නිසා. පොලීසියටවත් එය පාලනය කරගන්න බැරිව ගියා. දැන් අපිට ඕන පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවලා මැතිවරණයකට යන්න. එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බය පක්ෂයක් නෙමෙයි. ඒනිසා ජනතාව දන්නවා අපි දුන් පොරොන්දු ඉටුකරනවා කියලා. හැබැයි ඉතින් එක් රැයකින් ප්‍රශ්න සියල්ලම විසඳන්න බෑ. අපි සැබෑ ජනවරමින් යුතු ආණ්ඩුවක් අරගෙන ඉදිරියේදී මේ රටේ දැවැන්ත සංවර්ධනයකට අතගහනවා. දැනටමත් සැලසුම් සකස් කරලා ඉවරයි” යනුවෙන් අමාත්‍යවරිය සඳහන් කළාය.