මෙතෙක් විසඳුම් ලැබී නොමැති දේශපාලන පළිගැනීමට ලක්වූවන් සඳහා වහා විසඳුම් ලබාදීමට ප්‍රධාන අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත විශේෂ නියෝගයක් නිකුත් කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, ආර්ථික කටයුතු සහ සම්බන්ධ අමාත්‍යවරුන් සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරුන් අතර පැවැති රජයේ ඉහළ පෙළේ සාකච්ඡාවකදී මෙම නියෝගය ලබා දුන් බවයි.
ඉතා කෙටි කාලසීමාවක් තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්ව විසඳුම් ලැබී නොමැති පිරිස් පිළිබඳ දැඩි අවධානයක් යොමුකර ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ මෙම විසඳුම් ක්‍රියාත්මක වියයුතු බවට මෙම සාකච්ඡාවේදී නියෝග කළ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.්
එමෙන්ම මෙම වැඩපිළිවෙළ පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් සහ ප්‍රගති සමාලෝචනයක් කිරීමටද මෙහිදී සාකච්ඡාවූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.