ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ට ආබාධ සහිත පුද්ගලයන් මතක් වෙන්නේ ඔවුන්ගේ ජන්දය දා ගැනිම සඳහා පමණක් බවත්, එදිනට ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සපයා පසුව ඔවුන්ව අමතක කරන බවට තමන්ට තොරතුරු ලැබි ඇතැයි විසිබිලිටි සංගමයේ නිති උපදේශක හේලේනා අල්රයික් නරමිබිඕ මෙනවිය පැවසුවාය.
ඇය එසේ පැවසුවෙි එම සංගමය මගින් අම්පාර දිස්ති‍්‍රක්කයේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා පැවැත්විමට නියමිත වැඩමුලුවක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවකදීය.
"ආබාධිත අයට සමාජයේ අනෙක් තැනැත්තන්ට මෙන්ම සමානව සැලකිය යුතුයි. සමාන අයිතිවාසිකමි ලබා දිය යුතුයි. අනෙක් රටවල මෙන් ශ්‍රී ලංකාවෙත් ආබාධිත සහිත පුද්ගලයින් සඳහා පවතින ව්‍යුහය බිද දමලා කටයුතු කළ යුතුයි.
ආබාධිත පුද්ගලයාගේ යැපිම මානසිකත්වය ඉවත්කොට ස්වයං තත්වයෙන් කටයුතු කලහැකි බව අපි මෙම වැඩ සටහනේ කි‍්‍රයාකාරකම් වලින් ඔප්පු කර පෙන්වා දෙනවා.
ලංකාවේ නිති ගත කරලා තියෙනවා ආබාධිත සහිත පුද්ගලයන්ට මාසිකව රුපියල් 3000 ක මුදලක් ගෙවන්න කියලා. නමුත් මේක ගෙවන්නේ මැතිවරණය කාලේට පමණයි"