රජයේ වෛද්‍ය පීට ශිෂ්‍ය ශිෂ්‍යයින් හෙට (13දා) සිට දේශනවලට සහභාගි වන ලෙස විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ සංගමය හා වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ඉල්ලා සිටී.
සයිටම් ගැටලුවට සම්බන්ධයෙන් රජය පිළිගත හැකි විසුමක් ලබාදි තිබෙන බවත්, මේ නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශනවලට සහභාගි වන ලෙසට ඉල්ලා සිටින බවද උපකුලපතිවරුන්ගේ සංගමයේ සභාපති උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේය.
සයිටම් සම්බන්ධයෙන් යම් විසඳුමක් ලබාදී තිබෙන බවත්, ගැටලු තිබෙනවා නම් ඒවා අධ්‍යයන කටයුතු සිදුකරන අතර තුර විසඳා ගැනීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් සම්බන්ධ ගැටලුව සියයට සියයක්ම විසඳුම් ලැබුණ යැයි තම සංගමයක් නොසිතන බවද එම සංගමයේ කමිටු සාමාජික රජරට වෛදය පීඨයේ ආචාර්ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.