ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා විදේශීය සතුන් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය නිසි සත්ත්ව සුබසාධන විධිවිධාන අනුගමනය කරමින් නවිකරණය කෙරෙමින් පවතින අතර, එහි ප්‍රදර්ශනය සඳහා මෙම සතුන් ලබාගැනීමට නියමිතය.
ලොව පුරා ඇති අනෙකුත් සත්ත්වෝද්‍යාන සමග වන සත්ත්ව හුවමාරු වැඩසටහන් හරහා සහ විදේශ රටවල සත්ත්වෝද්යාව විසින් නොමිලේ ලබාදෙනු ලබන අතිරික්ත සතුන් ලබාගැනීමට මෙහිදී අපේක්ෂා කෙරේ.