දෙහිවල උසස් තාක්ෂණ ආයතනය තුළ සී.සී.ටී.වී. කැමරා සවිකිරීමට විරෝධය දක්වන බව අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකතුව සඳහන් කරයි.
එහි ළහිරු සංකල්ප පවසන්නේ උසස් තාක්ෂණ ආයතනය තුළ ගැටළු රාශියක් තිබියදී සිසුන් තව තවත් පීඩාවට ලත්කිරීමේ උපක්‍රමයක් ලෙස පරිපාලනය සී.සී.ටී.වී. කැමරා සවිකිරීමට තීරණය ඇති බවයි.
උසස් තාක්ෂණ ආයතනය තුළ ගැටලු රාශියක් තිබෙන බවත් ශිෂ්‍යයින් විසින් ඒ බව වරින් වර පරිපාලනය දැනුවත් කළ බවද ශිෂ්‍ය සංගමය පවසය. ශිෂ්‍යයින්ට පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීමට අරගල කරන විටදී එය මර්දනය කිරීමේ අරමුණින් සී.සී.ටී.වී. කැමරා සවිකිරීමට පරිපාලනය කටයුතු කරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.