පාතාලය මර්දනය කිරීමට ඉදිරි කාලයේදී පොලිස් බුද්ධි අංශ වඩාත් සක්‍රීය කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා රජය මේ වන විටත් උපක්‍රමශීලී ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්, නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ කමිටුවක් මගින් පොලීසියට උපදෙස් දී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
මීට අමතරව අපරාධ වැඩි වශයෙන් සිදුවන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිරීක්ෂණය කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසිය, සංවිධානාත්ම අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් දිවා රාත්‍රී මුර සංචාරයන්හි යොදවා ඇති බවත් අමාත්‍යාංශය පවසයි
එසේම ශ්‍රී ලංකාවේ සිට මෙන්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ පාතලය මෙයවන්නන් ගැන බුද්ධි අංශ තොරතුරු විමර්ශන කරන බවත්, නුදුරේදීම ප්‍රබල පාතාල සාමාජිකයන් මෙන්ම විදෙස් ගතව සිටින පාතාල නායකයන් ජාත්‍යනතර පොලීසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.