පවුලේ විවාහයකදී දෙවැනි මනමාලිය ලෙස සිටි උසස් පෙළ පාසල් සිසුවියකගේ ඇහිබැම සකසා තිබුණැයි උරණ වූ පාසලේ විනයභාර ආචාර්යවරිය එම සිසුවිය පැය 3, 1/2 ක් පාසලේ මිදුලේ සිටුවා තබා අමානුෂිකව කටයුතු කිරීමෙන් ඇය රෝගීව ඇතැයි ඇයගේ මව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු යොදා තිබේ.
නාවලපිටිය නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඇති වූ මෙම සිදුවීමෙන් මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත තම දියණිය බරපතළ ලෙස මානසිකව කඩා වැටී ඇතැයි එම මව ලිපියකින් පවසා සිටී.
ගම්පොළ - සුරංග දිල්හාන්